සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු සිසුන් පුහුණු කිරීම සඳහා විද්‍යාපීඨය ආසන්නයේ පාසලක් නොතිබීම සහ පත්තලගෙදර ග්‍රාමයේ ගම්වැසියන්ට තම දුවා දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා ආසන්නයේ පාසලක් නොමැතිවීම යන කාරණා හේතුවෙන්, එයට විසදුමක් ලෙස 1979 වර්ෂයේ මෙම විද්‍යාලය ගුරු විද්‍යාල අනුබද්ධ කණිෂ්ඨ විද්‍යාලය ලෙස සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට අයත් භූමිභාගයක ආරම්භ කර ඇත. එම නිසා මෙම විද්‍යාලයේ නිර්මාතෘවරුන් ලෙස දැක්විය හැක්කේ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ එවකට සේවය කල කාර්යමණ්ඩලය හා පත්තලගෙදර ගම්වාසීන්ය





