- පෙ.ව 7.15 ට පෙර පාසලට පැමිණිය යුතු ය.
- පෙ.ව 7.20 ට පෙර පවිත්‍රතා කටයුතු අවසන් කළ යුතු ය.
- පාසලට නියමිත නිල ඇදුමින් පැමිණිය යුතු ය.
- පිරිමි ළමුන්ගේ කොණ්ඩය කොටට කපා තිබිය යුතු ය.
- ගැහැණු ළමුන්ගේ කොණ්ඩය මැදින් බෙදන සේ පීරා කරල් දෙකකට ගොතා අග කළු රිබන් පටියකින් බැඳිය යුතු ය.
- පිරිමි ළමුන් කළු සපත්තු සහ කළු මේස් පැලදිය යුතු ය.
- ගැහැණු ළමුන් සුදු සපත්තු සහ සුදු මේස් පැළදිය යුතු ය.
- පාසලට පැමිණීමේ දී, පිටවීමේ දී හා අදාල විෂයන් සදහා මාරු වීමේදී පෙළට ගමන් කළ යුතු ය.
- පාසල් භූමිය තුළ නිකරුනේ ගැවසීමෙන් වැළකිය යුතු ය.
- පන්තියෙන් බැහැරව යාමේදී විධිමත් අවසරයක් සහිතව පන්තියෙන් බැහැර විය යුතු ය.
- ජංගම උපකරණ ඇතුළු අනෙකුත් විද්‍යුත් උපකරණ පාසල තුළට රැගෙන ඒමෙන් වැළකිය යුතු ය.





