විද්‍යාලෝක මහා විද්‍යාලය (ජාතික පාසල)

පාසලේ ඉතිහාසය

Congratulation Champs...!

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

පාසලේ ඉතිහාසය

සියනෑ අඹරේ නවමු තරුවක් ලෙස 1979.01.08 වැනි දින විිද්‍යාලෝක මහා විද්‍යාලයට මුල් ගල් තැබීය. එකල ගුරු විද්‍යාල අනුබද්ධ කණිෂ්ඨ විද්‍යාලය ලෙස නම් කරන ලද මෙම පාසල පත්තලගෙදර ග්‍රාමයෙහි සියනෑ විද්‍යාපීඨ භූමියෙන් වෙන්කරගත් අක්කර දෙකක පමණ භූමි ප්‍රමාණයක පැතිර ඇත. පාසල ආරම්භයේදී සිසුන් 106 ක් පමණ මෙහි අධ්‍යාපනය ලැබූ අතර ගුරුභවතුන් 03 දෙනෙකුගෙන් සමන්විත විය. මෙම විද්‍යාලයේ මුල්ම විදුහල්පති වූයේ  එම්.ඒ.සෙනෙවිරත්න මහතාය. සෙනෙවිරත්න මහතා 1979.01.08 දින සිට 1982.10.15 දින දක්වා පාසලේ විදුහල්පති ධූරය දරනු ලැබීය. පාසල ආරම්භයේදී පළමු ශ්‍රේණිියේ සිට තුන්වන ශ්‍රේණිය දක්වා පන්ති පවත්වනු ලැබීය.

 

1980 සහ 1981 වර්ෂ වලදී පාසලට නව ගොඩනැගිලි 2ක් ලැබී ඇති අතර, 1982 වර්ෂය වන විට 10 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කර ඇත. යූ.එච්. පෙරේරා මහතා මෙකල විදුහල්පති විය. එතුමා 1982.10.25 දින සිට 1983.09.01 දින දක්වා පාසලේ විදුහල්පති ධූරය දරනු ලැබීය. 1983 වර්ෂයේ අග භාගය වන විට එම්.එස්.ගුණවර්ධන මහතා පාසලේ විදුහල්පති ධූරය දරනු ලැබීය. 1984.06.15 දින සිට 1998.01.28  දින දක්වා විමල් ධනපාල මහතා පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයකු ලෙස තම උපරිම සේවය පාසල වෙත ලබා දුන්නේය.

1998 .02.26 දින සිට 2005.01.21 දින දක්වා සරත් ලීලාරත්න මහතා විද්‍යාලයේ විදුහල්පති ධූරය හෙබවීය. මෙම කාල වකවානුව තුළ පාසලේ භෞතික මෙන්ම අධ්‍යාපනයේ ගුණාත්මකභාවයද සීඝ්‍රයෙන් වර්ධනය විය. 2003.08.22 වන දින සිට මෙම විද්‍යාලය පත්තලගෙදර විද්‍යාලෝක මහා විද්‍යාලය ලෙස නම් කරනු ලැබීය. මෙම කාලවකවානුව තුළ පාසැල තුළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ආරම්භ වූ අතර, ඒ හේතුවෙන් මෙම විද්‍යාලය ප්‍රදේශයේ කැපී පෙනෙන පාසලක් බවට පත්විය.

2005.04.18 වන දින සිට 2016.06.03 දක්වා ජී. ආර්.රාජපක්ෂ මහතා විදුහල්පති ලෙස කටයුතු කළේය. එම කාලය තුළ විද්‍යාලයේ 6 -11 ශ්‍රේණි සමාන්තර පන්ති සංඛ්‍යාව හතරක් දක්වා වර්ධනය විය. උසස් පෙළ කලා අංශය ආරම්භ විය. 2016.06.10 දින සිට 2019.05.10 දක්වා කාලය තුළ ඒ.ජී.එන්.ටී.බී.වීරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ විද්‍යාලය දියුණුව කරා පියනැගීය. එම කාලය තුළ උසස් පෙළ වාණිජ විෂය ධාරාව ආරම්භ විය. පන්නිල ශ්‍රී ආනන්ද ස්වාමීන්වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් තෙමහල් ගොඩනැගිල්ලක් පාසලට ලැබීම මෙකල සිදුවූ සුවිශේෂී සිදුවීමකි.

2019.07.30 සිට මේ දක්වා පී.ඒ.ඩී. හේමන්ත පනාවල මහතා විදුහල්පති ධුරය දරනු ලබන අතර, එතුමාගේ මගපෙන්වීමෙන් විද්‍යාලය දියුණුව කරා පියනඟමින් ඇත.

ආරම්භ කළ වර්ෂය

1979.01.08

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

106

මුල් ගුරුතුමාගේ නම

එම්.ඒ.සෙනෙවිරත්න මහතාය.

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ගුරු විද්‍යාල අනුබද්ධ කණිෂ්ඨ විද්‍යාලය

පාසල රජයට පවරාගත් දිනය

1979.01.08

පාසල පැවැත්වූ ස්ථානය

සියනෑ විද්‍යාපීඨ භූමියෙන් වෙන්කරගත් භූමිය

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

කේ .එච්.ජානක පුෂ්පකුමාර

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

සරෝජා ශ්‍රීමතී දැදිගම

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1979.02.02