විදුහල්පති පණිවිඩය
පී.ඒ.ඩී.හේමන්ත පනාවල
පාසැලේ දැක්ම සාක්ෂාත් කරගැනීම උදෙසා පාසලේ මෙහෙවර ඉටුකිරීම මඟින් 21 වන සියවසේ අභියෝග ජයගත හැකි ශක්තිමත් දරු දැරියන් දැයට උරුම කර දීමේ සුවිශේෂී ක්‍රියාවලිය විද්‍යාලෝක මාතාව තුළින් ඉටුකර දීමේ වගකීම විද්‍යාලීය සමස්ථ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල වල වගකීම වී ඇත.
එසේම රටේ අධ්‍යාපන අරමුණු හා ප්‍රතිපත්ති මූලික කර ගනිමින් දැයේ අනාගත අවශ්‍යතාව සපුරන පූර්ණ පෞරුෂයෙන් යුතු දරුවකු බිහි කිිරීමේ උදාර කටයුත්තේදී ඒ සඳහා සහාය වීම දෙමාපියන්ගේ, දරුවන්ගේ, ප්‍රජාවේ යුතුකමකි.
ඉහත පාසලට සම්බන්ධ සියළු දෙනාගේ යුතුකම් හා වගකීම් ඉටුවීමෙන් සියනෑවට මඟ කියන පහන් ටැඹක් ලෙස විදු මව බැබලේවායි ප්‍රාර්ථනා කරමි.
පී.ඒ.ඩී.හේමන්ත පනාවල
විදුහල්පති
විද්‍යාලෝක මහා විද්‍යාලය .





