පරිසර නියමු වැඩසටහන

2019 වර්ෂයේ දී අප විද්‍යාලයීය පරිසර නියමු වැඩසටහන හා පරිසර ළමා සමාජ වැඩසටහන ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව එස්.වී.ජේ. සිරිවර්ධන මිය ගේ ප්‍රධානත්වයෙන් සහ දෙමාපියන්ගේ පූර්ණ දායකත්වයෙන් ආරම්භ කරන ලදී. පාසලේ කෘෂිකර්මය විෂය භාර ඒ.ආර්.ඩබ්.පී.කේ.අතාවුද මහත්මිය මෙම කාර්ය සඳහා දක්වන නොමඳ සහයෝගයද අගය කළ යුතුය. පරිසර නියමු වැඩසටහන තුළින් පාසල තුළ සිදුකරන කාර්යන් ලෙස,
- ඌන දේශීය පළතුරු වර්ග පාසල තුළ වගා කිරීම
- පරිසර අලංකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම

- පාසලට අඩුපාඩුවක්ව තිබූ ගොවිපළක් සෑදීම
- සෙවණ පැළ 1000 ක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලවා රෝපණය කරවීම
- සිසුන් තම නිවෙස් ආශ්‍රිතව බඳුන් ගත වගාවට යොමුකිරීම දැක්විය හැකය.





