නිදහස ලබා අඩ සියවසක් ගතවූ පසුව වූවද අධ්‍යාපනය සඳහා කරන ලද ආයෝජනයෙන් රටට, දැයට, සමයට වැඩ ඇති දූ පුතුන් ප්‍රශස්ත මට්ටමින් බිහිවූයේද යන්න ගැටලු සහගතය. ප්‍රමාණාත්මක වූ දැනුමැත්තන්, සහතික ලාභීන් වෙනුවට ගුණාත්මක වූ ජාතිකත්වය අගයන ආගම දහම අගයන විනයානුකූල සිසු පරපුරක් බිහි කිරීම සඳහා නායකත්වය දැරීමට හැකි සිසු පරපුරක් බිහි කිරීම සාරධර්ම සේනාංකයේ ප්‍රධාන උත්සාහයයි.
“විද්‍යා දදාති විනයං” යන පඬිවදන අර්ථවත් කිරීම මඟින්, දේශයේ අනාගත ජීවනාලිය දේශීත්වය අගයන, මව්බිමට ගරු කරන, ජාතියට ආදරය කරන, ආගමට ගරු කරන, ගුරු දෙගුරුන්ගේ සිත් සනසන, විද්‍යාලයේ කීර්තිය වඩනා වූ දරු පිරිසක්ම බිහි වේවායි සාරධර්ම යායේ අනාගත පැතුමයි.





