
ජී.ඒ.ඒ.ගම්ලත් ගුරු මහතා

ඩබ්ලිව්.පී.රංජිත් විජේසිරි ගුරු මහතා
2002 වර්ෂයේ සිට ප්‍රථම වරට අප රටේ පාසල් කීපයක 6 වන ශ්‍රේණියේ සිට ද්විභාෂා මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ කළේය. විද්‍යාලෝක මහා විද්‍යාලයද ඒ අතුරින් එක් පාසලකි. එවකට විද්‍යාලයේ විදුහල්පතිවරයා වූයේ සරත් ලීලාරත්න මහතාය. ගණිතය, විද්‍යාව හා තාක්ෂණවේදය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, සමාජ අධ්‍යයනය හා ඉතිහාසය යන විෂයන් 4 ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම සඳහා ඒ ඒ විෂයන් පිළිබඳ පුහුණුව ලත් ගුරුවරු යෙදවිය යුතු යැයි අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් දී තිබුණි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය හැකි එවැනි ගුරුවරු මෙම විදුහලේ නොවූහ. එහෙත් එකී විෂයන් උසස් පෙළ විභාගය සඳහා හඳාරා තිබෙන ඉංග්‍රීසි පුහුණු ගුරුවරුන් දෙදෙනෙකු මඟින් ද්විභාෂා මාධ්‍ය අධ්‍යාපනය ආරම්භ කිරීමට තරම් විදුහල්පතිවරයා ධෛර්ය සම්පන්න විය.
සමාජ අධ්‍යයනය හා ඉතිහාසය සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමේ අභියෝගය ඩබ්ලිව්.පී.රංජිත් විජේසිරි ඉංග්‍රීසි පුහුණු ගුරුමහතාද, විද්‍යාව හා තාක්ෂණවේදය සහ ගණිතය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමේ අභියෝගය ඉංග්‍රීසි පුහුණු ජී.ඒ.ඒ.ගම්ලත් ගුරුමහතාද භාර ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2007 වර්ෂයේ අ.පො.ස (සා.පෙළ) ඉංග්‍රීසි මාධ්‍ය අංශයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට අප විද්‍යාලයට හැකි විය. අප පාසල සියනෑ අඹරේ දිදුලන පාසලක් බවට පත් වූයේ එතැන් සිටය. එහි ගෞරවය එවකට විද්‍යාලයේ විදුහල්පති සරත් ලීලාරත්න මහතාටද, ඩබ්ලිව්.පී.රංජිත් විජේසිරි ගුරුමහතාටද, ජී.ඒ.ඒ.ගම්ලත් ගුරුමහතාටද හිමිවිය යුතුමය.
වර්ථමානයේද ඉතා ප්‍රවීණ හා දක්ෂ ඇඳුරු මඩුල්ලක් විසින් ඉංග්‍රීසි මාධ්‍ය ඒකකයේ අධ්‍යයන කටයුතු සිදුකරයි.
- ඩබ්.ඒ.එම්.එච් වන්නිආරච්චි මිය (ගණිතය)
- කේ.ඩී.එස්.ජිවේන්ද්‍ර මයා (විද්‍යාව)
- ආර්.එම්.සී.නිලන්ති කුමාරි මිය (පුරවැසි අධ්‍යාපනය, භූගෝලය)
- එච්.පී.එස් කුමාර ජයරත්න මයා (පුරවැසි අධ්‍යාපනය)
- එච්.ඒ.ටී.පී.මැණිකේ මිය (සෞඛ්‍ය හා ශෘරීරික අධ්‍යාපනය)
- එස්.වී.ජේ.සිරිවර්ධන මිය (ඉංග්‍රීසි සාහිත්‍ය හා රසාස්වාදය)
ඉංග්‍රීසි මාධ්‍ය අංශයේ ඉගැන්වීම් සිදුකරන ගුරුභවතුන් වේ.





