
අප පාසලේ ප්‍රාථමික අංශය මඟින් බාලදක්ෂිකා සංගමය පවත්වාගෙන යනු ලබයි. මෙය කුඩා මිතුරියන් හා සමනලියන් ලෙස කණ්ඩායම් දෙකකින් යුක්ත වේ. කුඩා මිතුරියන්ගේ කණ්ඩායම භාරව එච්.පී.එම්.අජන්තා කුමාරි රණසිංහ ගුරු මහත්මියද, සමනලී කණ්ඩායම භාරව තේජානි හසුන්තා ජයවර්ධන ගුරු මහත්මියද කටයුතු කරයි.

කුඩා මිතුරියන් යනු ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයට අයත් සාමාජිකාවන් වේ.ඔවුන් වයස අවුරුදු 7 ත් 12 ත් අතර වයසේ පසුවන දියණිවරු වේ.කුඩා මිතුරියන්ගේ ආදර්ශ පාඨය “උදවු කරන්න” යන්නය. කුඩා මිතුරියන්ට පොරොන්දුවක් හා නීතියක් ඇත. ඔවුන් විශේෂ නිල ඇඳුමක් අඳිනු ලබන අතර, ජාත්‍යාන්තර සංවිධානයක සාමාජිකාවක්ද වේ. කුඩා මිතුරියන්ගේ නායිකාව “වනරාණී” ලෙස නම් කර ඇත.කුඩා මිතුරියන් කණ්ඩායම් හයකින් සමන්විත වේ.එම කණ්ඩායම් “හිරු රැස්, වැහිබිඳු, සෙවනැති රුක්, ඩොල්ෆින්, පරවියෝ, තිත්මුවෝ” ලෙස නම් කර ඇත.

සමනලියන් යනු ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයට අයත් ලාබාලතම සාමාජිකාවන් වේ. සමනලියන්ගේ වයස අවුරුදු 5 ත් 8 ත් අතර, 1 හා 2 ශ්‍රේණි වල අධ්‍යාපනය ලබන දරුවන් වේ.සමනලියන්ගේ ආදර්ශ පාඨය “සතුටුවන්න” යන්නය. සමනලියන්ගේ නායිකාව “ටුවින්කල්” ලෙස නම් කර ඇති අතර,සමනලියන් කණ්ඩායම් හතරකින් සමන්විත වේ. එම කණ්ඩායම් හතර “කහ, රතු, තැඹිලි, දම්” ලෙස නම් කර ඇත.
අප පාසලේ කුඩා මිතුරියන්ගේ පදක්කම් පැළඳවීමේ උත්සවය 2024.07.16 දින ඉතා උත්කර්ෂවත් ලෙස සිදුවිය.





